☻☺☻☺

Posted: අප්‍රේල් 22, 2013 in Uncategorized

Image

සොඳුර නුඹ ලිහිණියක විය ..
මහද අහසට ආදර වරුසාවේ පෙරනිමිති ගෙනා ..

වැසි වට සිත් පොලෝ තලයේ පැන නැගෙනා
බීජාන්කුරයද නුඹමය ..

දිනක මතුදා ජීවන ගමනේ වෙහෙස නිවා ගන්නට
සිසිල දෙමින් ගිමන නිවන ..
මහා වෘක්ෂයද නුඹම වේයැයි
බලාපොත්තුවේ දෑස දල්වා
බලා හිඳීම්
~~

Hope

Posted: අප්‍රේල් 21, 2013 in Uncategorized

Image

සිතතුළ ඉපැදී කොලයක ලියැවුණු ගීය ගයන්නට තනුවක් වෙන්න
ඉපැදී නැසෙනා සිතුවිලි සයුරට වැළඳ හඬන්නට වෙරලක් වෙන්න
ජීවන කතරේ සටන් වදින්නට ජීවය දෙන බලාපොත්තුවක් වෙන්න
ජීවිතයේ දුර කතර ගෙවන්නට  ශක්තිය දෙන අත්වැල වෙන්න

විපරීතය

Posted: අප්‍රේල් 19, 2013 in Uncategorized

Image

ගලා යන නදී කුමරියනි
මෙතෙක් කල් තී කල මහා ගෝෂාව
ගීතයක් වූයේ කෙසේද ?

මකරන්ද පිරි පුෂ්පයනි
තොපගේ සුවඳ මෙතෙක් කල්
කොහි සඟවා ගෙන සිටියේද?

මම විසූ මේ ලෝකය
මෙතරම් මනරම් සුන්දර
බව මටම නොදැනුනේ මන්ද ?

හද දොරටුවෙන් නොවිමසාම
ගෙවැදී නුඹ කුමන නම්
විපරීතයක් කළේද ?

The Moment

Posted: මාර්තු 16, 2013 in Uncategorized

Image

The moment my eyes caught you
Unveiling yourself out of nowhere
I felt as if time had Stopped
A moment hard to turn into words

The wish I’d made long time ago
Sitting right infront of me
Call it luck fate or destiny
Whatever it is It was meant to be

My eyes were gazing upon you
Without asking my permission
And the sixth sense telling me
You are the one .. you are the one ..

විෂාදය

Posted: පෙබරවාරි 15, 2013 in Uncategorized

සිතන්නට කිසිවක්
ලියන්නට මොකවත්
කියන්නට කතාවක්
නැතිවු මොහොතක්

ලෝකේ වුණි පරිණාමේ
කාලය ගත නොවිණි අරුමේ
මොකද මේ පුදුමේ
ඔක්කොම හිස් වූ කරුමේ

එකෙක් බැන්දා ගිය සතියේ
මාමා කියයි බණ ලහි ලහියේ
මරුමුස් එකෙක් ගුටි කෑවා වලියේ
නව අවුරුද්දකුත් ලැබුවා සොමියේ

යාලුවා කියයි පෙම් කවි සිය පෙම්බරිට
ගුටිකෑ එකා දෙස් දෙයි රෝහල් සීලිමට
අහෝ මම විතරක් කරුමෙට
කතා කරන්නද හඳේ පිස්සු හාවට

උදේ පාන්දරම නැගිටිමි
දත් ටික සේරම මදිමි
රෑ වෙන්ට කලියෙන් නිදමි
හොඳ හොඳ හීන දකිමි

පැන්සලය ගනිමි
හීන මම අඳිමි
සිතුවමට නගමි
කුරුටු බලි දුටිමි

ඔබටත් වුනොත් මෙහෙම මඟුලක්
දැනුනොත් එහෙම මන්ද බුද්ධික බවක්
නැතිනම් එකෙක් දොඩමලු වෙන්ටවත්
ලියන්නට කාලය මෙවන් කුරුටු බලිවත්

 

පරවෙන මල්

Posted: පෙබරවාරි 15, 2013 in Uncategorized

සෙහෙනසේ බීජය දළු ලා වැඩුණි
ආත්මයේ දිය දහරින් තෙත් වූ පොලවේ
ආදරයේ සලකුණු මල් පුදින තෙක්ම
රැක ගතිමි ඒ කුඩා පැලය

ඔබගේ ටිකිරි සිනා ආදර මුව කමල
මවා මා දෙනෙත් අබියස
පීදෙන්න්ට වෙර දරන මල් කැකුළ
රැක ගතිමි අයාලේ යන බඹරුන්ගෙන්

නුඹම වෙනුවෙන් පෙරුම් පුරමින්
සහසක් කම්කටොලු මැද රැකගත්
ආදරයේ ක්ෂුද්‍ර බීජය මහා වෘක්ෂයකි දැන්
මලක් පිපී හිනැහෙන සුළඟට වැනෙමින්

~~~විරාමය~~~~~

මලේ සුවඳ වියැකෙමින් ඇත
අයාලේ ගිය බඹරුන්ද හැර යයි
සුවඳ වියැකෙන නොඉඳුල් මල
කුමරුණි නුඹ වෙනුවෙන්ම පීදුණු

-ඔබේ මගේ සහ අපේ ජීවිත-

Posted: පෙබරවාරි 15, 2013 in Uncategorized

“ඔබට ඔබේ කියා ජීවිතයක්ද
මට මගේ කියා ජීවිතයක්ද
තියේ නම් …
අපට අපේ කියා ජීවිතයක් තියේවි

ඔබට ඔබේ කියා ඇති ජීවිතයද
මට මගේ කියා ඇති ජීවිතයද
නොගැටෙන තුරාවට …
අපේ ජීවිතයට අපි නොගැටේවි

ඔබ මගේ ජීවිතයද
මම ඔබේ ජීවිතයද
නොසොයන තාක් කල් …
අපේ ජීවිතය සතුටින් පිරී තියේවි

ඔබ ඔබේ ජීවිතයද
මම මගේ ජීවිතයද
විඳින තුරා
අපිට අපේ ජීවිතයත් විඳිය හැකි වේවි

ඔබේ ජීවිතයද  ඔබේ යැයිද
මගේ ජීවිතයද මගේ යැයිද
අප දන්නා තුරා …
අපේ ජීවිත අපේම වේවි”